Make a Lab Bench Power Supply සිංහලෙන්

හදන්න කලින් හදන්න යන්නේ මොකද්ද කියල බලල ඉමු.




මේක lab bench power supply එකක්. voltage වගේම current එකත් adjustable එකක්. හැබැයි මේක programmable එකක් නම් නෙවෙයි. ඒ උනාට සාමාන්‍ය වැඩක් කරගන්න පුළුවන්. programmable එකක් දැනට design කරගෙන යනවා.මේක linear voltage regulation විදියටයි වැඩ කරන්නේ.

මම මේක වැඩ කරන විදිය ඔක්කොම කියල දෙන්න බලාපොරොත්තුවක් නෑ.මේක හදාගන්න schematic diagram එක මම මිට කලින් blog එකේ දැම්මට සමහරු කිව්වා මේකේ PCB design එක දැම්මනම් මිට වඩා හොදයි කියල. එක නිසා මම PCB එක විතරක් මේ පාර දානවා. 




පලවෙනි එක normal mirrored layer එකක්. normal heat toner transfer method එකෙන් PCB ගහන අයගේ copy එක තමයි ඒ. අලුතෙන්ම PCB ගහන්න පටන් ගන්න අයත් මේක use කරන්න. දෙවෙනි එක negative copy එකක්. photoresist method එකෙන් ගහන අය ඒ copy එක use කරන්න.

board එකේ දිග පළල හරියට ප්‍රින්ට් කරන්න නැතිනම් ic හයි කරන්න බැරිවෙනවා. 

දිග    - 97.79mm
පළල - 55.88mm

මේ විදියට හදාගත්ත PCB එකේ parts පාස්සන්න පටන් ගන්න. 1k resistors වලට 1W ඒවා දන්නා ඕනේ. 


voltage adjust කරන්න 50k volume control එකක් දන්නා ඕනේ. fine-tuning කරන්න ඕනේ නම් තව 1k volume control එකක්  series විදියට හයි කරගන්න.

current limit එක adjust කරන්න 10k volume control එකක් දාගන්න ඕනේ. මේවා ඔක්කොම සෙට් වෙන්නේ volume control එකේ මැද පින් එකයි 3 වෙනි පින් එකයි(max pin). 

දකුණු පැත්තේ උඩම තියෙන led panel connector එකේ තමයි CV/ CC led දෙක හයි කරන්නේ.එකේ + - pcb එකේ දාලා නෑ.එකේ පින් පිලිවෙලින් 

1 >>  red +
2 >>  red -
3 >> green +
4 >> green -

මේකේ ප්‍රධාන power driver එක වෙන්නේ L200 ic එක. එක board එක උඩම හයි කරන්නේ නැතුව වෙනම heatsink එකක් උඩ හයි කරන්න පුළුවන් නම් ගොඩක් හොදයි. 

heatsink එක ගොඩක් රත් වෙනවා නම් cooling fan එකක් දාන එක හොදයි. කොහොම උනත් fan එකක් දාල තියන්න. එක හයි කරන්න ඕනේ +V FAN කියන connector එකට. ඒකේ + mark කරලා තියෙනවා.  LM317 LM7805 ic වලට පොඩි heatsink හයි කරන්න.

ඔක්කොම හරි නම් dc 30V දීල බලන්න.කෙලින්ම transformer එකකින් දෙන්න බෑ.diode rectifier එකක් එක්ක smoothing capacitor එකක් දාල දෙන්න. output එක adjust කරන්න පුළුවන් ද කියල බලන්න. red green led දෙක හරියට current limit වෙන තැනදී light වෙනවද බලන්න.

මේ circuit එකෙන් 30V 2A ගන්න පුළුවන්.

හදල output එක measure කරන්න .පොඩි voltmeter එකක් හයි කරගන්න.සමහර meter voltmeter + ammeter විදියටත් තියෙනවා. ඒ voltmeter එකේ කියල තියෙන විදියට එක ලොඅඩ් එකට හයි කරගන්න. voltmeter එකට power දෙන්න ඕනේ fan එකට power දෙන terminal වලින්මයි. voltmeter එකේ sense පින් එක විතරක් output එකට connect කරන්න.

මේ circuit එකෙන් හදන්න පුළුවන් එක channel එකක් විතරයි. channel 2ක් ඕනේ නම් මේවා දෙකක් හදල දෙකට වෙන වෙනම transformers + diode rectifiers දාන්න ඕනේ.

හොද casing එකක් හදල එකට circuit එක හයි කරන්න. ප්‍රශ්න තියෙන අය පහලට 

වානිජමය අරමුණු සදහා යොදා නොගන්න. කතෘ අයිතිය සුරකින්න.

හදපු අය ෆොටෝ එකක් දාගෙන යන්න.





Comments

Popular posts from this blog

PT 2308 Headphone Driver IC

Lab bench power Supply / Voltage regulator with current limiter and indicators / adjustable volage current regulator

Light a LED using Main Current 230V/110V AC