Arduino Sinhalen - Arduino සිංහලෙන් - part 3 -Ultrasonic Sensor

හරි, 3 වෙනි කොටසින් අපි බලමු arduino එක්ක සරල sensors කිපයක් සම්බන්ද කරලා දත්ත ලබාගන්න විදිය.

1) Ultrasonic Sensor - අල්ට්‍රා සොනික්


මේ තියෙන්නේ අල්ට්‍රා සොනික් sensor එක.මේකෙන් පුළුවන් දුර මනින්න. සාමාන්‍යයෙන් මේකෙන් මීටර් 2 ක විතර දුරක් මැනගන්න පුළුවන්.  දුර cm හෝ m විදියට ගන්නත් පුළුවන්. අපි කරන මොකක් හරි project එකකට දුර මනින කොටසක් ඕනේ උනොත් මේකෙන් ඒ වැඩේ සාර්ථකව කර ගන්න පුළුවන්.

නම :-  HC-SR04 
මිල :- 1$

eBay එකෙන් ගොඩක් අඩුවට ගන්න පුළුවන් වගේම දැන් ලංකාවේ ගොඩක් තැන්  වල අඩුවට ගන්න පුළුවන් 

Circuit


මේ රුපයේ විදියට සම්බන්දතා හදන්න, හදලා compute එකත් එක්ක සම්බන්ද කරන්න.

Library

Arduino IDE එක open කරලා Sketch >> Include Library >> Manage Libraries එකෙන් එක dialog box එකේ ultrasonic type කරලා  result එකෙන් අපට අවශ්‍ය එක තෝරලා install දෙන්න.


ඊට පස්සේ මේ code එක ගහල upload කරන්න

/*

Vcc   |   5V   
Trig  |   4   
Echo  |   2   
Gnd   |   GND   

*/

#include <Ultrasonic.h>

Ultrasonic ultrasonic(4, 2);

void setup() {
  Serial.begin(9600);
}

void loop() {
  Serial.print("Distance in CM: ");
  // Pass INC as a parameter to get the distance in inches
  Serial.println(ultrasonic.distanceRead());
  delay(1000);
}


upload කරට පස්සේ serial monitor එක open කරලා බලන්න


දැන් ඔයාලට පේනවා ඇති මේ sonsor එකෙන් දුර මනිනවා.


Comments

Popular posts from this blog

PT 2308 Headphone Driver IC

Lab bench power Supply / Voltage regulator with current limiter and indicators / adjustable volage current regulator

Light a LED using Main Current 230V/110V AC