Arduino Sinhalen- Part1 -What is Arduino
ආර්දුයිනෝ (Arduino) කියන්නේ මොකද්ද.එක එක නම් වලින් එන arduino වල තියෙන වෙනස මොකද්ද. අපිටත් arduino වලින් වැඩක් ගන්න පුලුවන්ද? කියන ප්‍රශ්නේ ගොඩක් අයට තියෙනවා.තව Arduino ඉගෙන ගන්න ආසයි.එත් මුකුත් programming බෑ.Video බලල ඉගෙනගන්න තේරෙන්නේ නැ .ඔය ප්‍රශ්න වලට විසදුම් හොයන්න තමයි මම මේ පොස්ට් එක සිංහලෙන් ලියන්නේ. ඇයි අපිට Arduino ඕනේ වෙන්නේ.නිකන් electronic circuit එකකින් අපිට වැඩ කරගන්න බැරිද ? උදාහරණයක් විදියට knight rider circuit එක ගන්නම්. අපිට එක කඩේ තියෙන pcb එකකින් හදාගන්න නැත්නම් dot board එකක හදාගන්න පුළුවන්. හැබැයි එකේ led පත්තුවෙන pattern එක පොඩ්ඩක් වෙනස් කරන්න, led දෙක දෙක පත්තුවෙන්න හදන්න ඒවගේ දේවල් hardware parts වෙනස් කරන්නේ නැතුව හදන්න බැ. electronic විදියට මොකක් හරි වෙනසක් කරන්නම වෙනවා.එහෙම කරත් හදාගන්න බැරි patterns තියෙනවනේ. දැන් මේකම Arduino වලින් හැදුවොත් අපිට ඕනේ වෙන්නේ led 10යි resistor 10යි වයර් ටිකකුයි විතරයි.පොඩි code එකකුත් ඕනේ.එත් එක හරිම ලේසියි.හැබැයි හොදම part එක තමයි මේකේ code එක අපිට ඕනේ විදියට වෙනස් කරන්න පුළුවන් වගේම Arduino එක වෙන වැඩකට උ...